වරද කොතැනද ?


සමාජජාල මාධ්‍යය තුල පැහැදිලිවම මුස්ලිම් ව්‍යයාප්තවාදය විවේචනය කරන පාර්ශ්වයක් සහ එම විවේචනයන් විවේචනය කරන පාර්ශවයක් වශයෙන් කොටස් දෙකක් දකින්න පුලුවන්. මේ අතරමැද සිට ප්‍රශ්ණය දකින පිරිස සීමිත ප්‍රමාණයයි.
මුස්ලිම් ව්‍යයාප්තවාදයක් පැහැදිලිවම පේන්න තියෙනවා කියන එක පැහැදිලියි. නමුත් මෙහිදී ව්‍යවාප්තවාදය සහ මුස්ලිම් ජාතිකයන් හේ ඕනෑම ලාංකිකයෙක් සතු අයිතීන් යන කාරණා වෙන්වෙන්ව දකින්න පුලුවන් විය යුතුයි. ව්‍යයාප්තවාදය සහ අයිතීන් පටලාවාගත් තැන් කිහිපයක්.
එක උදාහරණයක් :- ලංකාවේ සිංහල පුද්ගලයන්ට මෙන් මුස්ලිම් ජාතිකයන්ටද ලංකාවේ ඕනෑම ස්ථානයකින් ඉඩම් හෝ නිවාස මිලදී ගැනීමට පදිංචි වීමට අයිතියක් ඇත. එසේ කරනා මිලදී ගැනීම් ව්‍යයාප්තවාදයක් නොවේ. එය මූලික මිනිස් අයිතිවාසිකමකි.
ව්‍යයාප්තවාදයක් ලෙස අපට පෙනෙනා කාරණා ⁣ලෙස මේවා හඳුනාගන්න පුලුවන්.
- මුස්ලිම් වරැ ලංකාවේ විවාහ නීතිය නොසලකා ඔවුන් සදාගත් නීති අනුව කටයුතු කරමින් බාලවයස්කාර යුවතියන් විවාහ කරවීම.
- මුස්ලිම් බහුතරයක් සිටිනා ප්‍රදේශයන්හිදී රටේ නීතිය මායිම් නොකරමින් යතුරුපැදි ධාවනයේදී හිස් වැසුම් නොපැළඳීම වැනි ⁣ඒවා සිදුකිරීම.
- මුස්ලිම් නම් පල්ලි නාමයන් කුඩා මාර්ග සඳහා අනවසරයෙන් භාවිතා කිරීම.
- අරාබි සංස්කෘතිය මෙරට මුස්ලිම් ජනයාට එබ්බවීමට කටයුතු කිරීම.

මේ ආකාරයට ව්‍යයාප්තවාදය සම්බන්ධ කාරණා ලෙස සිංහල ජනයාට පෙනෙනා දේවල් ගැන අධ්‍යයනය කල විට පැහැදිලිවම පෙනෙන කාරණය කාරණය වෙන්නේ මේ සියල්ලටම හේතුව රටේ නීතිය ක්‍රියාත්මකනොවීම බවයි.
මීට අමතරව ප්‍රතිපත්තිමය දුර්වලතා හේතු නිසාද මෙය සිදුවිය හැකියි.
උදා : අධ්‍යයාපනය පිලිබද පැහැදිලි ප්‍රතිපත්තියක් නැති නිසා විවිධාකාරයේ ආගමික පාසල් බිහිවීම.
විවාහ සම්බන්ධ නීතිය ජාතින් අනුව වෙනස් වීම.
එක් එක් ආගම් වලට එක් එක් ආකාරයට ප්‍රමුඛස්ථානය ලබාදීම
.
වසර ගණනාවක ඉඳන් සිංහල සමාජය මේ කාරණා මතුකරම්න් ඉන්නවා. මුස්ලිම් සමාජයද සිංහල සමාජය කෙරෙහි අවිශ්වාසවෙන් සිටිනවා. විශේෂයෙන්ම සමහර ස්වාමීන් වහන්සේලා අැතුලු විවිධ ජාතිවාදී කණ්ඩායම් නිසා. මේ ජාතිවාදී රැල්ල පටන් ගන්න ගංගොඩවිල සෝම හිමිගේ දේශනා විශාල ලෙස හේතුවුනා. ඉන් අනතුරුව දේශපාලන වුවමනා වෙනුවෙන් ඡන්දය ඉල්ලු භික්ෂූන්ද මේවාට දායකවුනා.
නමුත් මේ සඳහා නිසි අවධානයක් පාලනාධිකාරයෙන් යොමුවෙලා නෑ දැනටත්. දේශපාලකයන් අවශ්‍යය ඡන්ද බලය හේතුවෙන් මේ ප්‍රශ්ණ වලට නිහඬව සිට එය පුපුරායනතෙක් සිට ජනතාවටම අවලාද නැගීමට පටන් අරගෙන තියෙනවා. මෙම තත්වයන්ට ක්‍රියාමාර්ග ගැනීමටනම් ආණ්ඩුව පැහැදිලිවම නිරාගමික විය යුතුයි. එක් ආගමකට ප්‍රමුඛස්ථානය දෙන ගමන් තවත් ආගමක හෝ ජාතියක සංස්කෘතිමය කාරණා වලට නීති දමන්න ආණ්ඩුවකට සදාචාරාත්මක අයිතියක් නැහැ.  මේ සැබෑ ප්‍රශ්ණ යටගියාම වෙන දෙයක් තමයි පොඩි සිදුවීමකින් වුනත් ආවේගශීලි වන මිනිසුන් සියලුම ප්‍රශ්ණ ඒ පිටින් දමා ආවේගය පිට කිරීම. වඳ පෙති දැම්මා යැයි පැවසීම ඒ වගේ දෙයක් තමයි.
අවසානයට වෙන්නේ සියලුම ප්‍රශ්ණ වඳ පෙති නැමති හාස්‍යයට අසුවී නැවත වරක් වැසී යාම. වඳ පෙති දාලා නෑ කියලා ආණ්ඩුව අත පිසදා ගන්නවනම් වෙන්නේ මෙවැනි සිදුවීමක් වසර කිහිපයකට පස්සට දාන එක විතරයි. නැවත වරක් මෙය පුපුරායන්නේ මීටත් වඩා හාස්‍යයජනක සුලු සිදුවීමකින් වෙන්න පුලුවන්. රජය ආගම්වාදී වීමෙන් වැලකී නිසි පරිදි නීතිය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර මෙය පැරදවිය යුතුයි.
ප.ලි - සමාජජාලා තුල සක්‍රීය අදහස් දක්වන්නනි, වඳ පෙති හාස්‍යයට ගැනීමෙන් ඵලදායී කිසිවක් සිදුනොවේ. සැබෑ ප්‍රශ්ණය ගැන දේශපාලකයන්ගේ අවධානය ඇතිවීම උදෙසා ලියන්න.

Comments