Posts

Showing posts from July, 2017

සයිබරය නැවතුනදා

Image
සෙලිබ්‍රිටි මරණවලින් බුකිය කැළඹීම මෑතක සිට ලංකාවේ දකින්න පුලුවන්. මෑත කාලීනව මෙය වැඩිපුරම දැකගන්න පුලුවන් වුනේ Paul walker ගේ මරණයත් සමගින්. ඉන් පසුව විජය නන්දස්රි මහතා⁣ සහ අමරදේව ශූරීන් මියගිය අවස්ථාවේත් ටයිම්ලයිනය සම්පූර්ණයෙන්ම වැසීගියේ ඔවුන් පිළිඹද පෝස්ට් වලින්. නමුත් පෝල් වෝකර්ගේ මරණය අවස්ථාවේ මෙන් මේ පෝස්ට් පිළිබඳ ඍණාත්මක ප්‍රතිචාර දැකගන්න ලැබුනේ නෑ දේශීය කලාකරුවන් දෙදෙනාගේ මරණය පිළිබඳව. දැන් චෙස්ටර්ගේ මරණයත් සමග බුකිය පුරාම චෙස්⁣ටර් දන්නා අය සහ නොදන්නා අයද මේ මරණය ගැන විවිධාකාරයේ මතගැටුම් වලට පැටලී සිටිනු දැකගන්න පුලුවන්. මම මේ සටහන ලියන්න අදහස්කලේ මේ කවුරුවත් ගැන නෙවෙයි මේ සියවසේත් පසුගිය සියවසත් ඇතුලත මියගිය විශාලතම රසික ආකර්ශණයක් තිබූ ගායකයා හැටියට සැලකෙන මයිකල් ජැක්සන්ගේ මරණය අවස්ථාවේ සයිබර් අවකාශය තුල හටගත් කලබලකාරී ස්වභාවය ගැන කතා කරන්නයි. මයිකල් ජැක්සන් සැළකුණේ එදා මෙදාතුර කලා ක්ෂේත්‍ර්යේ බිහිවූ ජනප්‍රියතම පුද්ගලයා හැටියටයි. ඇමරිකාවේ කෝටිපතියාගෙ සිට අප්‍රිකාවේ එඬේරන් දක්වා සෑම අයෙකුම ඔහුව දැනසිටියා. අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ විහිලුවක් තමයි මයිකල් ජැක්සන් ජේසුස් වහන්සේටත් ව…

මධුසමය සහ න්‍යයෂ්ටික බෝම්බය

Image
හිරෝෂිමා සහ නාගසාකි නගර ඉලක්ක කරමින් සිදුවූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයට දින කිහිපයකට ආසන්න වනතුරුත් නාගසාකි නගරය මෙම බෝම්බ වල ඉලක්කයක් නොවූ බව ඔබ දැනසිටියාද ?
මේ වෙනුවට ඉලක්කගත ලයිස්තුවේ උඩින්ම තිබුනේ ඉපැරණි ජපානයේ අගනගරය වන සුන්දර කියෝතෝ නුවරයි. මෙම ඉලක්ක ලැයිස්තුව සකස් කිරීමට මූලික වුනේ ඇමරිකානු හමුදාවේ ඉහළම සිටි ජනරාල්වරුන් සහ විද්‍යයාඟයන්. ලක්ෂ 10කට අධික ජනගහනයක් සහ විශාල කර්මාන්තශාලා පිහිටි ඒ වගේම බෞද්ධ සිද්ධස්ථාන 2000කට අධික ප්‍රමාණයක් සහිත ලෝක උරුමයන් 17ක් ඇතුලත් ජපානයේ ප්‍රධානම නගරයක් වූ කියෝතෝව ඒ වනවිට කිසිදු ඇමරිකානු බෝම්බ ප්‍රහාරයකට ලක්වී නොතිබූ නගරයක්. ඒ වගේම විශ්වවිද්‍යායාල කිහිපයක් පිහිටා තිබුනු නිසා ඇමරිකානුවන් කල්පනා කරා කියෝතෝ වාසීන්ට මෙම බෝම්බය සාමාන්‍යය බෝම්බයක් පමණක් නෙවෙයි මිනිස් ඉතිහාසය වෙනස් කරන ලක්ෂයක් බවට ඔවුන්ට තේරුම්ගත හැකිවෙයි කියලා. 
නමුත් අවසාන මොහෙතෙදි එනම් 1945 ජුනි මාසය වෙද්දි ඇමරිකානු යුධ ලේකම් Henry Stimson අණ කරනවා කියෝතෝව මෙම ලැයිස්තුවෙන් ඉවත්කරන ලෙසට. නමුත් හමුදා නිලධාරීන් මෙය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට මැලිවුනා. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගෙන්ද එම උපදෙසම ල…

ගිණි පෙනෙල්ල

Image
එක්තරා කාලයක ඔහුද පෙම්වතකුව සිටියේය. මාස හයකට නොවැඩි හමුවීම් පහ හයකින් එහා නොගියත් චිත්ත ලෝකයෙන් සැමියෙක්, පියෙක් තරම් දුර රැගෙන යාමට තරම් එය ඔහුගේ හාත්පස ලෝකයම වෙලා ගෙන නැගෙන්නට විය. ඔහු ඇයගේ සිනහවත්, ප්‍රේමණීය ඉඟි පෑම් විඳ ගැනීමට සෑම සතිඅන්තයකම කිලෝමීටර් දෙසියයක් දුර ගෙවා ඇයව සොයා ගමන් කරන්නට විය. අරලිය ගස් සෙවණෙත්, පාළුවට ගිය දේශනශාලා අහුමුළුත් මේ සෑම හමුවීමකදීම ඔවුන්ගේ ස්පර්ශයෙන් උණුසුම් වන්නේය  . ඉනික්බිති ආපනශාලාවේ පිටත පිහිටි සිමෙන්ති බංකුව මත හිඳ හිමකිරමක් අතැතිව ඈත පෙනෙන සාගරයේ පසුගියවර දුටුවාට වඩා යම් වෙනසක් ඇත්දැයි ඔවුන් සොයා බලන්නේය. මෙම ඉරණම්කාර දිනයේ සාගරයට වඩා ඇය වෙනස් වී ඇති ආකාරයක් මද වේලාවකින් ඔහුට දකින්නට හැකිවිය. 
මට කලින් හිටිය අයියා ආයෙත් කතා කරනවා ...
ඉතින් ඔයා මොකද කිව්වේ ?
වික්ෂිප්ත වූ මනසකින් යුතුවුවත් එතරම් ඉක්මණින්  වචන අමුණන්නට තරම් ශක්තියක් ආවේ කෙසේදැයි පසුව ඔහු පුදුමයට පත්විය.
මට හිතාගන්න බෑ .. ! දැන් මම ... ඔ ..යා ..ගේ. .නේ
ඔයා කාගෙද කියන එක නෙවෙයිනේ වැදගත්, ඔයාට කාවද ඕන ? මම දන්නෙ නෑ .. ඔයා  .. .. 
ආදරෙයිද තාමත් එයාට ? 
ඒවා වචන නොවේ හීල්ලුම්ය

ඒත් මම දැන් ඔයාගෙ…