Posts

Showing posts from May, 2017

ජීවිතයම වෙනස් කල පොත

Image
මිනිසා සත්ව ලෝකයේ විශේෂිතම ජීවියෙක් බවට පරිවර්ථනය වීමට මූලිකම සාධකයක් ලෙස සැලකිය හැක්කේ දැනුම සහ දැනුම බෙදා ගැනීමෙන් දැනුම වර්ධනය කරගැනීම සලකනවා. අපේ හිත මිත්‍ර බ්ලොග් රචක සුජීව කොකාවල වරක් ෆේස්බුක් ගෲපයක සඳහන් කලා වර්ථමානයේ ඉපැදෙන බිළිදෙක් කිසිදු අධ්‍යායාපනයක් ලබානොදී කැළයක සිරකර තැබුවහොත් දැනට වසර ලක්ෂයකට පෙර ඉපැදුණු බිළිදාත් මෙම බිළිදාත් අතර දැනුම මට්ටමින් කිසිදු වෙනසක් නොමැති බව. මෙයින් පැහැදිලි වෙන්නෙ මානව සංහතිය ඉතිහාසය පුරාවටම දැනුම බෙදාගැනීම කියන සංකල්පය නිසා නොනැවතී ඉදිරියට ගමන් කල බව.  ලේඛන මාධ්‍යය ඇරඹිම දැනුම බෙදාගැනීම යෝධ පිම්මක් පැනීමට හේතු වුනා, වෙනත් අයකු ලඟ නොරැදී තනිවම යමක් ඉගැනීමට හැදෑරීමට මේ නිසා මිනිසාට හැකියාවක් ලැබුනා. මේ නිසා කුඩා අවධියේ සිටම රසවින්දනය සමග අධ්‍යාපනික දැනුම ලබාගන්න අපි හැමෝම කියවීමට පොළඹවන්න දෙමාපියන් කටයුතු කරනවා. 

මම අකුරු කියවන්න පටන් ගත්ත දවසෙ ඉඳලම කියැවීම දැක්කෙ කුතුහලය විවර කරන දොරක් හැටියට, පොතක් ගත්තත් පත්තරයක් ගත්තත් ඒවායේ සටහන් වන දේවල් දැනගැනීමට නොනිමි ආශාවක් හැමදාම තිබුනා. අවුරුදු පහේ කාලෙදිත් අහු වෙන ඕනෑම දෙයක් තේරුමක් නැතත් කියවන්න ප…

රුසියාව වොඩ්කා සියල්ල බිව් දවස

Image
1945 මැයි 7 නාසි ජර්මනිය කොන්දේසි විරහිතව සෝවියට් රතු හමුදාවට යටත් වීමෙන් දෙවැනි ලෝක යුද්ධයේ යුරෝපා සටන් අවසන් වුනා. මෙම පුවත ලොවපුරා විහිදී යෑමට පටන් ගත් විට දහස් ගණනින් ජනයා වීදිවලට බැස සතුට සමරන්නට එකතුවුනා. රුසියාවට මෙම පුවත විකාශය කලේ මැයි 9 උදෑසන 1.10 ට රේඩියෝ මොස්කව්හි ප්‍රධාන නිවේදක Yuri Levitan ගේ හඬින්. 



එම නිවේදනයත් සමගම සියලුම රුසියානුවන් නිදන ඇදුම් වලින්ම වීදි බැස ඔල්වරසන් නගමින් මෙම මහා ජයග්‍රහණය සමරන්න පටන් ගත්තා. අහසට වෙඩි තබමින්, උමතු වූ ආකාරයෙන් වොඩ්කා පානය කරමින් වීදි පුරා දුව පනිමින් දිනය පුරාම පැවති ඔවුන්ගේ ජය සැමරුම් මදකට නතරවුනේ 9 වැනිදා රාත්‍රියේ එවක සෝවියට් දේශයේ නායකයා වූ ජෝෂප් ස්ටාලින් විසින් ජාතිය අමතන අවස්ථාවේදියි. 


තම නායකයාගේ කතාවෙන් අනතුරුව ජය සැමරීමට පටන්ගත් රුසියානුවන්ට දෙවන ලෝක යුද්ධය තරම්ම තවත් ලොකු ප්‍රශ්ණයක් පැන නැගුනා. 10 වැනිදා උදෑසන වනවිට මුලු රුසියාවෙම වොඩ්කා සොයාගන්නට තිබුනෙ නෑ. රටේ මුලු වොඩ්කා ප්‍රමාණයම ඔවුන් 9 වැනිදා බී හමාර කර තිබුනා. මේ නිසා අදටත් මැයි 10 වැනිදා රුසියාවේ වොඩ්කා අවසන් වූ දිනය ලෙස සැලකෙනවා.

සිහින රැකියාව

Image
ලඟදි දවසක මම ෆේස්බුකියෙ තියෙන අධි ක්‍රියාකාරීත්වයකින් යුතු Genius club සමූහයේ ප්‍රශ්ණයක් ඇහුවා තම තමන්ගෙ Dream Job එක මොකක්ද කියලා. වැඩිහිටි කවුරුත් විවිධාකාර රැකියාවල නියුතුව සිටින නිසා කොහොමත් මේ වගේ ප්‍රශ්ණයක් ටිකක් හිට් වෙන එකක් බව දැනුනා මුල ඉඳලම. විවිධ විවිධ පුද්ගලයන් 150ක් පමණ විවිධාකාර රැකියාවන් ප්‍රකාශ කරලා තිබුනා.  දැනට ඉංජිනේරු අංශයට සම්බන්ධ රැකියාවක නිරතවන මම මගේ සිහින රැකියාව විදියට එහි සඳහන් කලේ මොන්ටිසෝරි ගුරුවරයෙක් යන්නයි. මේ හැමෝම පල කරපු අදහස් දැක්කම මට හිතුන දේවල් ටිකක් කියාගන්න තමයි මේ බ්ලොග් පෝස්ට් එක ලියන්න හිතුනෙ.  ටීචර් ඇවිත් ඉස්සර පංතියෙ ලමයින්ගෙන් ඇහුවම ලොකුවුනාම වෙන්න කැමති කවුද කියලා අපි හැමෝම වගේ කිව්වෙ සීමිත රැකියා ප්‍රමාණයක්. සමාජයේ හොද ජොබ් යැයි සම්මත රැකියා වන ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක් නැත්නම් ලෝයර් කෙනෙක්. කලාතුරකින් හමුදා සෙබලෙක් , ටීචර් කෙනෙක් වෙන්නත් කැමතියි කියන අයත් ඉන්නවා. නමුත් ඇත්තටම මේ කිසිම දෙයක් පාසල් කාලයෙදි අපි හිතල මතල කියන දේවල් නෙවෙයි. දෙමව්පියන් හරි වෙනත් වැඩිහිටියෙක් උඹ වෙන්න ඕන මෙන්න මෙහෙම එකෙක් කියල තරවටු දීපු වෙලාවක ඇහුණු දෙයක…