බැස යන සඳක් නොවේ


ඇඳෙන් බහින්නටත් පෙරම පසෙකින් ඇති ජංගමයෙන් බුකි ගතවන බැවින්, නාමල් උඩුගමගේ අභාවය පිළිබඳ සාවද්‍යය පුවත හිමිදිරි පාන්දරම දැකගැනීමට හැකි විය. මුලු වෝලය පුරාම නා නා විධි පෝස්ට් වල අන්තිම පේලිය ඔහුට නිවන් සුව පතමින් අවසන් වී තිබුනි. මගේ මතකය ඇදුනේ 93,94 වසර කාලයේ නාමල් වසන්තය රට පුරා ගම් නියම්ගම් සිසාරා පැතිරුණු ආකාරයි. එය කෙතරම්ද යත් 3, 4 වසරේ සිටි ජංගි කොල්ලන්වූ අප යහළු මිත්‍රාදීන්ද එම සුලඟින් නැලවෙමින් නාමල් ෆොටෝ එකතු කරමින් සිටියෝය. ගැහැණු ළමෝ කැසට් කවරයේ නාමල් සිනහවට වසඟවී පිස්සුවෙන් මෙන් නාමල් අයියාට ලියුම් ලියන්නට විය. ඔවුන් නාමල් එනවානම් සැතපුම් ගණන් හෝ පයින් ගොස් සංගීත ප්‍රසංග නැරඹීමට පසුබට නොවීය. සිංහල ජනප්‍රිය ගීතයේ ජෝතිපාලගෙන් පසු සුපිරි තරුව ඔහු විය. දැනටත් මා සිතනා ආකාරයට මෑත කාලීනව පැමිණි ශෙහාන් මිහිරංගගේ ජනප්‍රියත්වයේ උච්ඡතම අවස්ථාවටත් වඩා උමතු රසිකත්වයක් නාමල් උඩුගම වටා ගොඩ නැගී තිබුණි.
මෙවැනි විසල් රසික ප්‍රතිචාර ලැබුවත් නාමල් එක් වරම ගීත ක්ෂේත්‍රයෙන් නොපෙනී යන්නට වුයනෙම රසිකයන්ටත් නොදැනීමයි. ඉන්පසු එතැනට ගායකයින් කිහිපයක් ආදේශ වුවත් නාමල්ට තරම් වූ ප්‍රතිචාරයක් කිසිම ගායකයෙකුට නොලැණි. නමුත් නාමල් "සමු ගන්නේ නෑ" යන්න සනාථ කරමින් නැවතත් මෑත භාගයේදී මාධ්‍යය තුලින් දකින්නට හැකිවිය.

"සැබවින්ම නාමල්ට සමු ගැනීමට හැකිවුවත් ඔහුට වෙන් වීමට නොහැක. ඒ ඔහුගේ "මුව අගින්" ගිලිහුණු වදන් තව බොහෝ කාලයකට අප හදවත් තුල වන වේදනා සිහින ලෝකයකට ගෙනයෑමට සමත් වන නිසාවෙනි."

Comments

  1. මෙවැනි පොස්ට් දැක්කා නම් ඔහු "තනි වී" නැති බව පැහැදිලි වනු ඇත.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඉංගිරිසි රස කතා

මායා

සිහින රැකියාව