Posts

Showing posts from December, 2014

කෙළිබිම අසිරිය

Image
මසක පමණ සිට මුලු සිරිලකම කෙළිබිමක අසිරිය ගෙන ඇත. අවුරුදු ක්‍රීඩා, ජාත්‍යයන්තර ක්‍රීඩා, සිඟිත්තන්ගේ විනෝද ක්‍රීඩා සියල්ලම කට බලියාගෙන බලා සිටීමේ මහඟු අවස්ථාවක් නරඹන්නන්ට උදාවී ඇත.
මුල්ම තරඟය හැටියට "සැඟවුණු අමුත්තා" සෙවීමට සැමටම අවස්ථාවක් උදා විය. මුළු තරඟාවලියේම නරඹන්නන් පවා සජීවීව දායක වූ එකම තරඟය වූයේ මෙයයි. විවිධ පාර්ශව රැසක් එකතුවී අන්තිමේදී ඔහුගේ ගෙදර ඇත්තන් පවා කිසිවෙකුත් නොසිතූ අමුත්තා පහළවිය.
මහා ක්‍රීඩා අසිරිය මැවෙන්න වූයේ ඉන්පසුවයි. එක් පාර්ශවයක් අමුත්තා දුටු වහා "අං ඇදීමට" පටන් ගත්හ. අනෙක් ඇත්තෝ අන්ධයෙක් යැයි සිතා "අන්ධයාට කිරි කැවීමට" උත්සාහ කලේය. දෙපිල බෙදී "කඹ ඇදීම" ජයටම තවමත් නිමාවී නොමැත. ඔය අතර වාරයේ දෙපැත්තේම ප්‍රබල ක්‍රීඩකයින් සමහරුන් වතුර නා, පිටිවලට පිඹ කාසි සොයා "ගෝනි පැන" අනෙක් පාර්ශ්වයට එකතු විය. හොරෙන් හොරෙන් තරඟයට පෙර "බනිස් කෑ" අයගේ නම් කිහිපයක්ද ප්‍රසිද්ධ වන්නට විය. පසුව අනාවරණය වූයේ "පොර පොල්" ගසා මහන්සියට ඔවුන් හොරෙන්ම බනිස් කෑ බවයි. සැඟවුණු අමුත්තාගේ "විකට ඇඳුම්&quo…