ෆාතිමා (බස් අන්දරය)




නුවරඑළිය බස් නැවතුම එක දවසක් විතරක් මම අඩිය තියපු එකතු කරා එක මුහුණක් රැදී තිබුණු දිගු කලකට ……

සීතලටම විතරක් නොවුණු සංස්කෘතික සළුවකින් හිස සිට දෙපතුලම වසා වලක්වන්න නොහැකි වුන කාන්තියක් තිබුණා ඒ පැහැබරීට. දුටුමතින්ම පිටතදීම කවුළුවෙන් ඇතුළු උනා පසු දොරටුවෙන්ම එකම බසය නොවුණත් තලවකැලේට තිබුණ.

පසුපස අසුනෙන් හරිබරි ගැහෙන්නත් ඉස්සෙල්ලම මුල්ම කපොල්ල දකුණු පැත්තෙ ගොරවනවා හොඳටම. මව්තොමෝ දුටුමතින්ම හැඟුණු එකමදේ නම් පියතොමෝ තම සියළු උරුමයන්ගෙන් දුවණිය නිර්මාණය කිරීමට වැඩි බරක් දරා ඇති සෙයකි.

නලියයි … මකුණන් නැතුවත් … ලදරම් වුණත් ඒ බස් රථය හා මම, දකිමින්  ඉදිරියේ පැහැබර සිනාව. ඇත් දළ කපා ඔප දමා කරවා තිබූ සීතල දෙපා තුඩු යම්තමින් ගෑවෙමින්, වේලෙමින් තිබූ මගේ දෙපා තුඩුවල. ස්වභාවයෙන්ම මැඩළන්නාවූ කෝලයක් ෆර්දාවෙන් එළියට මෝදුවෙමින් වහගන්නට බැරුව  ….  එකෙණෙහිම සියලු ශක්තිය එකතුකර විලුඹට ඇද වැටුණා මගේ ඇඟිලි තුඩු වලට සමගින්ම සියුම් සිනාවක්. මේ සෙල්ලම මේ විලසට තවත් දුරට බරපතලවයමින් තිබුනා පැය කටුවටත් වඩා හිමින්.

බස් රථයට පමණක් නොවූණු නැවැතුමකට ලඟා වෙලා අපි දෙන්නම. ඒ ඇස් එක එල්ලේ දකින්න නැවතුම එනතුරු හිත බලමින් උන්න හීනය තවත් පමා උනා නම් කියලා ඒ වෙලාවෙ දැනෙන්නට උනා. යළි කවදාවත් අමතක නොවෙයි සිතුන ඒ කාන්තිය විහිදෙමින් මගේ දිහාවටම නෙත් යා කරමින් ඒ තත්පර දෙක සිර කෙරුවා බැඳි දැහැනක අවුරුදු ගාණක් එක් ටැම් ගෙයක.
ගුලිකරගෙන තිබූ යමක් අසුන මතම අතහැර පසුපස නොබලන සිත් ඇත්තී යමින් හිටියා දුර ගමනක .. ෆාතිමා …

ළඟදී කාමරය අස් කරද්දිවත් දැකපු නැති රෝස පාට ලේන්සුව මගේ අතට ආපු දවස තමයි එදා ……………..

Comments

  1. එක හුස්මට කියවගෙන ගියා. ලස්සනයි

    ReplyDelete
  2. අදයි මුලින් මේ පැත්තේ ආවේ..

    කතාව නියමයයි..

    ReplyDelete
    Replies
    1. දිගටම එමු නේද ...!

      Delete

Post a Comment

Popular posts from this blog

ඉංගිරිසි රස කතා

මායා

සිහින රැකියාව