Posts

Showing posts from June, 2011

මුට්ටිය

සහෝදරහොරු
සහෝදරවරු
ගම් වදින්නට හදන අලි රැල
දෑත දිගු කර
දමන මුට්ටිය
වඩම්මවනා
අපේ ගරුතර
මහා හිමිවරු

වැලන්ටයින්

Image

ලුහුඩු පිටුව

ඉරුණු සේලය වසා ගත් නුඹෙ
බඹුන් සිල් බිදි නාරි නග්නය
මුදා ගැනුමට ගෙවුණු අත මිට
පුරවාලිය හැකි,
සොයා එකියක්
ලුහුඩු පිටුවට

කුටියක

අපැහැදිලි බොල් හඩින්
නෑසුනු සියක් ආවර්ජනා
කදුලු නොසලාම
ධවල ඇතිරිල්ල
කෑ ගසා පවසයි
ඇසෙන්නට ලොවටම

ඇස්

අසීමාන්තික තාපාoකයක් සතු
කාබන් බන්ධිත හදවත
ආවර්ත කාලයකටත් අඩුවෙන්
උත්ප්‍රේරක රහිතවම
විච්චේදනය කළ අපූරුව
මැඩියෙකුටත් වඩා පහසුවෙන්