Posts

ඉංගිරිසි රස කතා

Image
විශ්වවිද්‍යාල වල විද්‍යා හා තාක්ෂණික පැත්තෙ අධ්‍යයන කටයුතු සිද්ධවෙන්නෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කියල කවුරුත්ම වගේ දන්නවනේ. අවුරුදු දහතුනක් විතර ඉතින් ඔය ඉංගිරිසිය ඉස්කෝලෙ ඉගෙන ගත්තට වාක්‍යයක් හරියට ලියාගන්න පුලුවන් එවුන් ඉන්නෙ එහෙමත් එකෙක් තමයි අපේ පැතිවල. ඉංගිරිසිය බැරි උනත් අනිත් වැඩකටයුතු වල හොඳකම නිසා කොහොමින් කොහොම හරි කැම්පස් තේරිලා ලෙක්චර්ස් යද්දි තමයි ඕකෙ තියෙන බරපතලකම තේරෙන්න ගන්නෙ. සමහර හිත හොඳ ලෙචාලා සිංහලත් එක්ක කලවම් කරලා දෙසා බෑවට සමහර ඈයො ඉතින් සුද්දන්ට උගන්නනව කියල හිතන් තමයි ලෙක්චර් රූම් එකට ඇතුල් වෙන්නෙත්. ඔය මොනව උනත් ඉතින් අවුරුද්ද අන්තිමට කොහොම්න් කොහොම හරි කුප්පි එහෙම ගිහින්  විෂය කරුණු ගොඩදාගන්න මට්ටමට ඉංගිරිසි අකුරක් බැරි උනත් අපේ එවුන් දස්සයි. ඒත් ඉතින් ඕක එක්සෑම් පේපර් එකේ ලියාගන්නත් දැනගන්න ඕනනේ. 

ඔන්න ඔය විදියට මගේ යාලුවෙකුත් සාමාන්‍යය තේරෙන කඩ්ඩෙන් එක්සෑම් එක ලියල එහෙම එළියට බැස්සා. ටික දවසක් යනකොට මිනිහට ටිකක් අප්සට් වගේ. අපි ඉතින් අහල බලද්දි මිනිහට අවුල් වගේලු ලියපු ඒවා. මේ යාලුවා හොඳ මීටරයක් ඒත් කඩ්ඩ ටිකක් අවුල්. මිනිහ කතා කරනවා ගිහින් ලෙචා හම්බවෙලා පොඩි ශේප…

ස්පෙෂල් 26

Image
වර්ෂ 1987 මාර්තු මාසයේදි ඉන්දියාවෙ The Times Of India පුවත්පතේ දැන්වීමක් පළවෙනවා සුදුසුකම් ලත් උපාධිදාරීන් ඉන්දියානු බුද්ධි අංශයට (CBI) බඳවාගැනීම පිණිස. කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා බොහෝ පිරිසක් මෙම රැකියාවට ඉල්ලුම්පත් යවනු ලබනවා. ඒ අතරින් බොහොමයක් දැනටත් රජයේ විවිධ රැකියාවල නියුතු, ඉහළ වැටුපක් බලාපොරොත්තුවෙන් මෙයට ඉල්ලුම් කරනු ලැබූ පුද්ගලයින්. අයදුම්කරුවන්ට කෙටි කාලයකින් දැනුම්දීමක් ලැබෙනවා සම්මුඛ පරීක්ෂණය සඳහා මාර්තු මාසයේ එක්තරා දිනයක මුම්බායිහි Taj intercontinental හෝටලයට පැමිණෙන ලෙසට සඳහන් කරමින්. එදින අවසානයේ සියගණනක්වූ අයදුම්කරුවන් අතරින් මීලඟ අදියර සඳහා 26 දෙනෙක් පමණක් තෝරාගැනීමට බුද්ධි අංශ නිලධාරීන් කටයුතුකරනු ලැබුවා. අවසානයේ මෙම විසිහය දෙනාට දැනුම් දීමක් ලැබෙනවා පසුදා උදෑසන 11ට නැවතත් එම ස්ථානයටම පැම්ණෙන ලෙස ප්‍රායෝගික පරීක්ෂණයකට මුහුණ දීමට. 
මීලඟ දවසේ සියලුම දෙනා වාර්ථාකිරීමෙන් අනතුරුව ප්‍රධාන බුද්ධි නිළධරයා විසින් නවක නිළධාරීන් 26 දෙනාටම ඔවුන්ගේ හැඳුනුම්පත් ලබා දීමෙන් අනතුරුව වැටළීමකදී ක්‍රියාකරනා ආකාරය ගැන උපදෙස් ලබාදීමක් සිදුකෙරුණා. ඊටත් නොබෝ වේලාවකින් පසු සියලුම නවක න…

ආලෝකෝ උදපාදි මගේ හැටියට

Image
පූර්ව ප්රචාරක පටය නිකුත් කර වසරකට පමණ පසුව මේ දිනවල තිරගතවන ආලෝකෝ උදපාදි නැරඹීමට පසුගියදා ඉඩක් ලදිමි. පූර්ව ප්රචාරකපටයේ තිබු තාක්ෂණික භාවිතාවන් හා අලංකාර රූප රාමු හේතුවෙන් බහුතර ප්රේක්ෂක සිත් තුල සිනමා පටය පිළිබද ධනාත්මක ප්රතිරූපයක් මැවී තිබුනු බව රහසක් නොවේ. මේ බව සනාථ කරමින් සතියේ දින සවසක වුවත් සැවෝයි සිනමා ශාලාව සම්පූර්ණයෙන්ම පිරීයන තරමට ප්රේක්ෂක සහාභාගීත්වයක් දැකගැනීමට හැකියාක්වක් ලැබුණි.
 වලගම්භා රජ දවස ඇතිවන සොළී ආක්රමණ, ඉන් හේතුවෙන් බුද්ධ ශාසනයේ ඇතිවන පරිහානිය මෙන්ම නැවත වරක් මහා කළු සිංහලයා රජ වීම හා ඉනික්බිති සිදුවන ත්රිපිඨකය ග්රන්ථාරූඨ කිරීම වැනි විශාලා කාල පරාසයක පැතිර ගිය කථා තේමාවක් පැය දෙක හමාරකට ලඝු කර දැක්වීමට නිර්මාණකරුවා උත්සාහගෙන තිබේ. කථාව ආරම්භයේදී සිදුවන සොළී ආක්රමණික නැව් ලඟාවීම විශේෂ ප්රයෝග භාවිතයෙන් අලංකාරව ඉදිරිපත් කර තිබුනත්, රජ මාළිගය ආක්රමණය කිරීම රූප වලට වඩා සංකේත භාවිතයෙන් පෙන්වා දැක්වීම ප්රේක්ෂක සිත් තුලට ආක්ර්මණයක සැබෑ ප්රචණ්ඩත්වය දැනවීමට අපොහොසත් වීම නිර්මාණයේ දුර්වල තාවයක් ලෙස ගෙන්හැර දක්වන්න පුලුවන්. මෙම දුර්වලතාවය චිත්රපටය පුරාම විවිධ අවස්ථා තුල අප…

මායා

Image
සමහර ෆිල්ම් තියෙනවා ඒවා බැලුවට මදි, ඒක ගැන ලඟ ඉන්න එකෙක්ට හරි කියල අමුතු තෘප්තියක් ගන්න ඕනෙමයි.මචන් ඒකනම් පට්ට .. අනිවා බලපන් වගේ ටෝකක් දුනෙ නැත්තන් ෆිල්ම් එක බැලුව කියන එක සම්පූර්ණ වෙන්නෙ නෑ. අන්න එහෙම එකක් යන එන ගමන් බලන්න සෙට් උනා. සෙට් උනා කිව්වට බලන්න කියල හිතන් හිටපු එකක් තමයි. ෆේස්බුක් ස්ටේටස් වලිනුත් කිණ්ඩි ගොඩක් දාලා තිබුන දෙමළ කොපියක් කියල පොඩි බාල්දුවක් දාලා තිබුන මායා තමයි මේ කියන ෆිලුම. ඔය කොපි කියන දේ  චිත්‍රපටි ගොඩක් බලන එවුන් දන්නවා තේරුමක් නැති කතාවක් කියන එක. ගොඩක් එවුන් නොදන්නව උනාට කොපි සහ රීමේක් කියල ටයිප් දෙකක් තියෙනවා. ඒවගෙ ඉතින් අඩු වැඩි වශයෙන් භූමිය කාරාණා නිසා මුල් කෘතියෙ තියෙන දේවල් ඒ ආකාරයෙන්ම යොදන්න බෑ. එතකොට ඔය කෑගහන කොපිය කියන එකට වෙනම ලුණු දෙහි එකතු වෙනවා. ඒ නැතත් අද තියෙන ඔක්කොම ෆිල්ම් වල තියෙන ප්ලොට් ට්විස්ට්, කැමරා ඈන්ගල්,මෙකී නොකී හැම දේකටම අභාෂය එන්නෙ 1920 – 1960 වගේ කාලවල හිටපු දැවැන්ත සිනමා නිර්මාපකයොන්ගෙන්. නියම රසිකයා ඔරිජිනල් එකත් කොපියත් දෙකම රසවිදිනවා. හරියට කිව්වොත් මලයාලි Drishyam මොන භාෂාවෙන් හැදුවත් මම ඒක බලනවා. 
බියර් දෙකක් ගහල ටිකක් පද…

ඇගේ ඇස අග සහ ලස්සනට ජීවත් වීමේ කලාව.

Image
හඳගමගේ චිත්‍රපටයක් නිකුත් විම සාමාන්‍යයෙන් ලංකාවෙ සදාචාරවත් දෙදාස් පන්සීයේ සමාජය (බන්දුලගෙ 2500ය නොවේ) බියෙන් හා ත්‍රාසයෙන් සලිත කරවීමට සමත් පුවතකි. චිත්‍රපටයේ ප්‍රචාරක පටය නිකුත් වීමටත් ප්‍රථමව පටන් ගන්නා විචාරක ගල් මුල් එය ප්‍රදර්ශණයෙන් ගලවන තෙක්ම නොනැවතී දහසකුත් මාධ්‍ය තුල සැරිසරමින් මහජනතාවගේ සිත් තුල මහා හඳගම භීතිකාවක් නිර්මාණය කිරීම සෑම අවස්ථාවකම පාහේ දැකිය හැකිවිය. හදගම මෙවරත් එවැනි විචාරකයන්ට ඉණිමං බැඳදී සිත්සේ කැළෑ පැන හතරවට ගිනි තැබීමට අවස්ථාවක් උදාකරදී තිබේ. මින් පසුව දැක්වෙන කරුණු තුලින් සිනමා පටයේ අඩංගු සිදුවීම් විස්තර කෙරෙනා බැවින් තවමත් නැරඹා නොමැති අයෙක් නම් නැවුම් පෞද්ගලික රසාස්වාදයක් ලබනු පිණිස මෙය නොකියවන මෙන් ඉල්ලා සිටිමි.
ඇගේ ඇස අග තිරගත වන්නේ ලංකාවේ දේශපාලන ක්ශේත්‍රය එකගෙයි කෑමකට මුලපුරා ඇති වකවානුවකය. බෙලහීන පුද්ගලයන් සමූහයකට තම බලය රැක ගැනීමට අරගල කරගන්නවාට අමතරව ඵලදායී යමක් වෙනුවෙන් කැප කිරීමට කාලයක් නොමැතිවීමෙන් රටම එක තැන නවතා ඇති අවස්ථාවකය. මෙම අවස්ථා සම්බන්ධයත් සිනමා පටයේ ප්‍රධාන තේමාව හා අපූරු ආකාරයෙන් බද්ධ වන ආකාරයක් පෙනීයනවා. ඉහල මධ්‍යම පාන්තිකයැයි සිතිය…

ඩෙනිම

Image
උත්තමාවියනි කිමද මුල අමතකව වහලුන් නොවෙද ? ඩෙනිමෙහි උපත


෴ ශාසනාරක්ෂක ෴

Image
මේ ප්‍රෞඩ පින්බිමේ

හිදිනු කෙළෙසද රිසිසේ

"ගල්" නොකලා නම් සොදුරේ

ප්‍රේමය අප දෙදෙනාගේ